දේශීය

යාපනයේ උද්‍යානයක් තහනම් කෙරේ

යාපනය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උද්‍යානයක් අධිකරණය මඟින් තහනම් කර තිබෙනවා.

පර්චස් 80ක භූමි භාගයක පවත්වාගෙන ගිය මෙම උද්‍යානය, අලංකාර කිරීම සඳහා කුඩා කාමර තනා ඇති අතර එම කාමර තුළ විවිධ දූෂිත ක්‍රියා සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

එහි හිමිකරු පොලීසිය හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ, මෙම ස්ථානය නිර්මාණය කර තිබෙන්නේ විවාහ උත්සවවලදී කැමරාගත කිරීම් සඳහා දර්ශන පසුතල සැපයීමට බවයි.

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් එහි හිමිකරුවූ 78 හැවිරිදි ව්‍යාපාරිකයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලීසිය විසින් මෙම ස්ථානය සොයාගෙන තිබෙන්නේ, මෙම උද්‍යානයේ කාමරයක් තුළ සති කිහිපයකට උඩදී දැරියකට අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට ලද තොරතුරක් මතයි.

එහිදී කළ විමර්ශනවලට අනුව, යාපනය ප්‍රදේශවාසීන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව මෙම උද්‍යානය මෙසේ තහනම් කර, චෝදනා දෙකක් යටතේ එහි අයිතිකරු මේවන විට මෙසේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button