විදෙස්

අනාගතයේදී චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක්

වසර 2035 වනවිට චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් ප්‍රකාශ කර තිබෙනවා.

එහි​දී රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් පැවැසුවේ,චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සමඟ එකතුවී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම ව්‍යාපෘතිය 2033 සිට 2035 වසර දක්වා කාලය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර රුසියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මකවන භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයක් තැනීමටද බලාපොරොත්තු වන බව රොස්කොස්මොස් ප්‍රධානියා පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

මෙම ව්‍යාපෘති දෙක සාර්ථකව අවසන් කිරිමට හැකි වුවහොත් සඳෙහි ජනාවාස පිහිටුවීමට එය මහත් පිටුවහලක් වනු ඇති බ​ව යූරි බොරිසොව් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button