නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය පිළිබඳ සමාජය තුළ කතාබහක් ගොඩනැගී ඇති පසුබිමක් තුළ ඒ සඳහා කිසියම් ආරක්ෂිත වැඩ පිළිවෙලකට ඉදිරියේදී යායුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා මහනුවර ඊයේ (24) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කළේ, ඒ පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඊට අදාළ උපදෙස් ලබා ගන්නා බවයි.
නිපා 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් හඳුනා ගත් අතර පසුගියදා යළිත් මෙම වෛරසය සම්බන්ධයෙන් කථාබහට ලක්වූයේ ඉන්දියාවේ – කේරළ ප්‍රාන්තය තුළ පැතිරයාමත් සමඟයි.
ඉන්දියාවෙන් මේ දක්වා රෝගීන් නීපා වෛරසය ආසාදනයවූ බවට තහවුරුවූ රොගීන් 6 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර මරණ දෙකක් වාර්තාවී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, වෛරසය ආසාදනය වූවන්ගේ ආශ්‍රිතයන් 1233 දෙනෙකුගේ හඳුනාගෙන ඇති අතර ඉන් 352 දෙනෙකු රොගයට ගොදුරු වීමේ ඉහළ අවදානමක පසු වන බවයි.