තාක්ෂණික

WhatsApp සඳහා නවතම වීඩියෝ විශේෂාංගයක්

WhatsApp විසින් වීඩියෝ සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පරිශීලකයින්ට WhatsApp හරහා උසස් තත්ත්වයේ වීඩියෝ යැවීමේ හැකියාව මෙමගින් ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හරහා වීඩියෝ යැවීමේදී ‘Standard Quality’ ලෙස Option එකක් හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.

විශාල පරිමාවකින් යුතු වීඩියෝ බෙදා ගැනීමේදී එහි තත්ත්වයට හානියක් වීම මඟ හරවා ගැනීම ද මෙමගින් සිදුකළ හැකි අතර ඒ අනුව Android සහ iOS හරහා WhatsApp භාවිතා කරන්නන් සඳහා මෙම විශේෂාංගය හඳුන්වා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button