විශේෂාංග

චීනයෙන් නව ජංගම දුරකතන ආරෝපණ බැටරියක්

චීනයේ බීටාවෝල්ට් සමාගම ලොව පළමු වරට ස්මාර්ට් ජංගම දුරකතන සඳහා ආරෝපණ මෙවලමක් ලෙස භාවිත කළ හැකි න්‍යෂ්ටික බැටරියක් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාසියක ප්‍රමාණයකින් යුතු මෙ​ම උපකාරක බැටරිය නැවත ආරෝපණ කිරීමකින් තොරව වසර 50ක කාලයක් භාවිතයට ගත හැකි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

මෙම බැටරිය නිපදවා ඇත්තේ මානව ප්‍රජාවට සහ පරිසරයට හානිදායක නොවන අයුරින් බවත්, ඒ පිළිබඳ අදාළ සමාගම සහතික වන බවත් වැඩිදුරටත් සඳහන්.

නව න්‍යෂ්ටික බැටරියට සෙල්සියස් අංශක 60 සිට 120 දක්වා ඕනෑම උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව ඇති බවයි වාර්තාවන්නේ.

නව බැටරිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන්වී නැති බවත්, එය 2025 වසරේදී වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button