දේශීය
නව ජාත්‍යන්තර මූල්‍ය සැලැස්මක් අවශ්‍යයි – ජනපති

නව ජාත්‍යන්තර මූල්‍ය සැලැස්මක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ගෝලීය සැසිවාරය අමතමින්.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ බැවින් නව ජාත්‍යන්තර මූල්‍ය සැලැස්මක අවශ්‍යතාව පවතින බවයි.
රටේ දේශගුණ සෞභාග්‍ය සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා 2030 වන විට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 26.5ක් අවශ්‍ය වන අතර, IMF තීරණවලට අනුව ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් වුවහොත් ශ්‍රී ලංකාව 3.5%ක වර්ධන වේගයක් අත්කර ගැනීමට හැකියාව පවතින බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කළා.
සිව්දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්ව ගියේ ඊයේ (27) අලුයමයි.