වට්ස්ඇප්හි නව වෙනසක්

මෙටා සමාගම විසින් වට්ස්ඇප් සදහා නව විශේෂාංගයක් හදුන්වාදීමට සූදානම් වන බව ඇමරිකානු වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා.
එම විශේෂාංගය හඳුන්වා දීමෙන් පසු Chat සොයා ගැනීම පහසු වනු ඇති.
එමගින් මෙටා සමාගම විසින් ඔබගේ Chat ලැයිස්තුවේ ඉහලින් දිස්වන නව Chat filters දියත් කරමින් chatසොයා ගැනීම පහසු කිරීමට සලසා තිබෙනවා.
එය Chat filters පහත මගින් All, Unread සහ Group ලෙස වෙන් කර තිබෙනවා.
එහිදී වට්සැප් යෙදුම භාවිතා කිරීමේදී කතාබස් ලැයිස්තුවේ ඉහළින් දිස්වන පෙරහන් තුනක් අතරින් සියල්ල(All), නොකියවූ (Unread) සහ කණ්ඩායම් (Group),ලෙස පමණක් තෝරාගත හැකි ලෙස හදුන්වාදී තිබෙනවා.
ඊයේ (16) දියත් කරන ලද මෙම නව Chat filters ඉදිරි සතිවලදී සියලුම WhatsApp පරිශීලකයින්ට ලබා ගත හැකි වනු ඇති.
මිනිසුන් වට්ස්ඇප් යෙදුම සැමවිටම භාවිතා කරන බැවින් පණිවිඩ වේගයෙන් ලබා ගැනීමට පහසු පරිදි මෙලෙස යෙදුම යාවත්කාලීන කර අති බව සඳහන්වනවා.