තාක්ෂණික

වට්ස්ඇප් හි නව වෙනසක්

WhatsApp නව යාවත්කාලීනය අනුව පරිශීලකයාට සිය කැමැත්ත පරිදි ස්ටිකර් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව පණිවිඩ හුවමාරු කර​න අතරතුර මෙසේ ස්ටිකර් සෑදීමට, සංස්කරණය කිරීමට සහ බෙදාහැරීමට හැකිවන බව සඳහන්.

WhatsApp සඳහා ස්ටිකර් යැවීමේ පහසුකම ලබාදී තිබුණේ 2018 වර්ෂයේ සිටයි.

ඒ අනුව එමගින් වෙනත් යෙදුම​ක් යොදාගෙන සකස් කරන ලද ස්ටිකර් මෙසේ වෙනත් පරිශීලකයෙකුට යැවීමට හැකිවුණා.

නමුත් මෙම නව පහසුකම හරහා WhatsApp හරහා ස්ටිකර් නිර්මාණය කළ හැකි වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම පහසුකම ළඟදීම පරිශීලකයින් වෙත ලබා දීම සැලසුම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button