තාක්ෂණික

Microsoft සමාගම විසින් නව AI උපාංගයක්

Microsoft සමාගම විසින් Windows මෙහෙයුම් පද්ධතිය සඳහා Al Assistant ලෙසින් Windows Copilot හඳුන්වා දී තිබෙනවා.

Microsoft සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ, මෙම පහසුකම ඊයේ (26) දින සිට ලොව පුරා ඇති Windows 11 භාවිතා වන පරිගණක සඳහා මෙම යාවත්කාලීන කිරීම සිදු කර ඇති බවයි.

මෙහි නව අංගය වන්නේ, Microsoft Word හි ලේඛනයක් මුද්‍රණය කරන අතරතුර ජායාරූපයක් අවශ්‍යනම් මේ හරහා අදාළ ජායාරූපය ලබාගෙන එහි පසුබිම ඉවත් කර, වර්ණ සංයෝජනය සිදු කොට ලේඛනයට ඇතුළත් කිරීමට ඇති හැකියාවයි.

Microsoft Edge Browser මඟින් ඔබ යම් කිසි භාණ්ඩයක් මිලදී ගැනීමේදී, එහි ජායාරූපයක් මෙයට උඩුගත කිරීම මගින් මේ හරහා එම භාණ්ඩය තිබෙන Web අඩවි පෙන්නුම් කිරීමක් සිදු කරනු ලබනවා.

පරිශිලකයන්ට ඉතා පහසුවෙන් මෙම Windows Copilot පරිහරණය කළ හැකි අතර, Smartphone තුළින් ද සම්බන්ධ විමේ හැකියාව පවතිනවා.

Microsoft සමාගම පවසන්නේ, Windows 11 මෙහෙයුම් පද්ධතිය නිකුත් වූ පසු එම මෙහෙයුම් පද්ධතියට ලැබෙන වඩාත්ම වැදගත් යාවත්කාලින අංගය මෙය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button