දේශීය

නොච්චියාගමේ අභිරහ​ස් මරණයක්

නොච්චියාගම – පන්වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු කුඹුරක ඇති වළක් තුළ සැකකටයුතු ලෙස මිය ගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ, ඒ සම්බන්ධයෙන් ඊයේ (02) පෙරවරු​වේ නොච්චියාගම පොලීසියට ලද තොරතුරක් මත පරික්ෂණ ආරම්භ කර බවයි.

මිය ගොස් ඇත්තේ, මාරගහවැව – නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

මිය ගිය පුද්ගල​යා ඉකු​ත් පෙරේදා පස්වරුවේ​දී කුඹුරේ ඇති පැලට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබුණු අත​ර ඔහු යළි නිවස වෙත නොපැමිණීම හේතුවෙන් මරණකරුගේ බිරිඳ විසින් නොච්චියාගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත​යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button