විදෙස්

ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට පසුගියදා ප්‍රහාරයක් දියත් කළ අතර එයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ඉරානය ටෙහෙරාන්, ඉස්ෆහාන් සහ ෂිරාස් ගුවන් තොටුපල ඇතුළු ප්‍රදේශ කිහිපයක ගුවන් ගමන් අත්හිටුවා ඇති බවද ඉරාන ගුවන්තොටුපල සහ ගුවන් නාවික සමාගම පවසනවා.

ප්‍රහාරය එල්ලවී ඇති ප්‍රාන්තයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button