ක්‍රීඩා

නෙදර්ලන්තයට දැවැන්ත ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (25) පැවැත්වෙනවා.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399 ක් රැස් කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විණා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 104 රැස්කළ අතර එය ඔහුගේ 22 වන එක්දින ජාත්‍යන්තර ශතකය වනවා.

පන්දු 93කට මුහුණදුන් වෝනර් එහිදී 4 පහර 11ක් සහ 6 පහර 3ක් එල්ල කළා.

ස්ටීව් ස්මිත් පන්දු 68කදී ලකුණු 71ක් රැස්කර ගත් අතර, මානස් ලබුශේන් ලකුණු 62යි.

මේ අතර, ප්‍රවේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 43කදී ලකුණු 106ක් ලබාගත්තා.

ඊට 4 පහර 9ක් සහ 6 පහර 8ක් ඇතුළත් වුණා.

ඒ අනුව, ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස මැක්ස්වෙල් ගේ ඉනිම ඉතිහාසගත වුණා.

පන්දු යැවීමේදී බැස් ඩී ලීඩ් ගේ පන්දු ඕවර 10ට ලකුණු 115ක් ලබාගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් වුණා.

එයද ලෝක කුසලාන තරගාවලියේ වාර්තා අතරට එක් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button