දේශීය

කුඩා දැරියක් අතුරුදන්

සිගමන් යැදීම සදහා යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවයට පවුලේ අය සමඟ පැමිණ සිටි අවුරුදු 2ක කුඩා දැරියක් අතුරුදන්ව ඇති බව යාපනය මුලස්ථානය පොලිසිය පවසනවා.

අදාළ දැරියගේ මව පවසා සිටින්නේ මෙම දරුවා එහි සිටි යාචක කාන්තාවක් විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි.

පොලිසිය සඳහන් කර සිටියේ දැරිය සිය මව, මිත්තනිය හා බාල සොහොයුරා සමඟ යාචක සේවයේ යෙදී සිට මුදල් එකතු කරමින් සිට ඇති බවයි.

මෙම පිරිස වවිනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පැහැර ගත් බව කියන කාන්තාව මඩකලපුවේ සිට පැමිණි අයෙක් බවයි වාර්තා වී ඇත්තේ.

දැරියගේ මව මුදල් එක්රැස් කිරීමට ගොස් සිටි අවස්ථාවේදී මඩකලපුවේ සිට පැමිණි බව කියන සැකකාර කාන්තාව කඩයට යන බව පවසා මිත්තනියගෙන් දැරිය ඉල්ලාගෙන පිටව ගොස් තිබෙනවා.

මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන යාපනය පොලිසිය පවසා සිටින්නේ දැරිය ගැන යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි.

යාපනය මුලස්ථානය පොලිසිය 021-2222222 / 021-3211257/071-8591329

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button