දේශීය
කෝප් සභාපති අයින් කරන්නැයි ඉල්ලා උපවාසයක්

කෝප් කමිටුවේ සභාපති ධුරය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.
එහිදී ඔහු පැවසුවේ, එම පත්කිරීම මගින් කෝප් කමිටුව හෑල්ලුවට පත්වන බවයි.
කෝප් කමිටුවෙන් මේ වනවිට මන්ත්‍රීවරුන් 8 දෙනෙක් පමණ ඉවත්වී ඇති බවත් කෝප් කමිටු සභාපතිවරයාව ඉවත් නොකළහොත් උපවාසයකට යෑමට සිදුවිය හැකි බවත් නලීන් බණ්ඩාර මහතා සඳහන් කළා.
කෝප් කමිටුවේ සභාපති ලෙස රෝහිත අබේගුණවර්ධන මහතාව පසුගියදා පත් කෙරුණු අතර එම පත්කිරීමට එරෙහිව විවිධ පාර්ශ්ව විරෝධය පළ කර තිබෙනවා.