විදෙස්
චීනය සහ පිලිපීනය අතර උණුසුම් තත්ත්වයක්

දකුණු චීන මුහුදේ “පාවෙන බාධකයක්” දැමීම හේතුවෙන් චීනය සහ පිලිපීනය අතර මතභේදාකාරි තත්වයක් පැන නැගී තිබෙනවා.
චීන වෙරළ ආරක්ෂක බලඇණිය විසින් එම “පාවෙන බාධකය” ස්ථාපනය කර ඇති අතර පිලිපීනය පවසන්නේ ඒ හේතුවෙන් සිය ධීවරයින්ට මාළු ඇල්ලීම සඳහා මුහුදු යා නොහැකි බවටයි
Bajo de Masinloc නම් කලාපය ඉතා සශ්‍රික මෙන්ම මසුන් බහුල ප්‍රදේශයක් ලෙස ප්‍රකට වන අතර දකුණු චීන මුහුදේ සීමාවන් සම්බන්ධයෙන් දෙරට අතර මතභේද තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , එම කලාපයේ ඇති කොරල් පර විනාශකළ බවටද පිලිපීන බලධාරීන් මීට පෙර චීනයට චෝදනා කර තිබෙන අතර එම චෝදනා චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි.