විදෙස්
හමාස් නායකයෙක් ජීවිතක්ෂයට

ප්‍රධාන පෙළේ හමාස් නායකයෙක් ලෙස සැලකෙන මර්වාන් ඉසා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ධවල මන්දිර නිලධාරි ජේක් සුලිවන් (Jake Sullivan) ප්‍රකාශ කර තිබෙනවා.
මර්වාන් ඉසා හමාස් සංවිධානයේ නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මර්වාන් ඉසා ඔක්තෝබර් 07 වනදා ප්‍රහාරයෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ වඩාත් ජ්‍යේෂ්ඨතම හමාස් නායකයා බවයි.
නමුත් ගාසා තීරය පාලනය කරන පලස්තීන කණ්ඩායම මෙතෙක් ඔහුගේ මරණය සම්බන්ධයෙන් නිල නිවේදනයක් සිදු කර නොමැති බවයි වාර්තාවන්නේ.
කෙසේවෙතත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා සඳහන් කළේ, නුසේරත් සරණාගත කඳවුර අභ්යන්තරයේවූ හමාස් උමං පද්ධතියකට එල්ලකළ ප්‍රහාරයකින් මර්වාන් ඉසා ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.