ඇමෙරිකාවේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් හදිසියේ දිවයිනට

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ඇතුළු 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (14 වැනිදා) පස්වරු 07.00ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මෙම පැමිණීම වෙනුවෙන් දින තුනක පමණ කාලයක සිට කටුනායක ගුවන් තොටුපොළේ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබූ අතර, ඊයේ (14 වැනිදා) පස්වරුවේ සිට එම ආරක්ෂාව දැඩි කර තිබුණා.
මෙම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස පැමිණ තිබුණේ ග්‍රීසියේ සිට පිටත්වූ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C – 17 A Globemaster – වර්ගයේ ගුවන් යානා දෙකකින්.
මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ එය ‘Top Sectrat Movement’ එකක් බවයි. මෙම ගුවන් යානා ඊයේ (14වැනිදා) පස්වරු 07.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා වී සුළු වෙලාවකට පසුව එම පිරිස පොලිස් පෙර ගමන් රථ දෙකක් ඇතුළු වාහන 12ක රථ පෙළකින් කොළඹට රැගෙන ගොස් තිබෙනවා.
මෙම රථ පෙළ ගමන් ගන්නා කාලසීමාවේදී කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දැමූ බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසුවා.
මෙම ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස අද (15 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපළින් ආපසු පිටත්ව යාමට නියමිතව තිබුණා.