ක්‍රීඩා
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්

සත්කාරක අයර්ලන්තයට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 7කින් ජය ගත්තා.
ඩබ්ලින්හිදි පැවති තරඟයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක අයර්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 145ක්.
ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 2ක් ලබා ගත්තා.
ලකුණු 146ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 16යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී සිටියදී තරඟය ජය ගත්තා.
දක්ෂ පිතිහරඹයක් ප්‍රදර්ශනය කළ හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 45කින් නොදැවී ලකුණු 86ක් රැස් කරමින්.