දේශීය

කොරියාවෙන් හදිසියේම ශ්‍රී ලංකාවට සුබ පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති ‍Yoon Suk Yeol මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතිකවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී දෙරටේ රාජ්‍ය නායකයන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

දකුණු කොරියානු ජනාධිපතිවරයා පෙන්වාදී තිබෙන්නෙ, දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට එම සාකච්ඡා ඉවහල් වන බවයි.

සාකච්ඡාවූ සියලු කරුණු පිළිබඳ සිය විශේෂ අවධානය යොමුව ඇති බව පැවසූ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දුන් බවද සඳහන්වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ශ්‍රී ලංකාවට අදාළව මේවන විට දකුණු කොරියාව ලබාදී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීම ඊට ඇතුළත් බවද දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button