දේශීය
කන්තලේ රිය අනතුරකින් තරුණියක් මරුට

කන්තලේ රජඇළ මාර්ගයේ අතුරු මාර්ගයක සිදුවූ රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා.
පොලීසිය පවසන්නේ, ඊයේ (21) උදෑසන අතුරු මාර්ගයේ ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තරුණියගේ ගැටී ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණිය කන්තලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි රජඇළ කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.
අනතුරින් පසු රියදුරු පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.