දේශීය

චීන හමුදාවෙ​න් ආරක්‍ෂක අමාත්‍යාංශයට පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ පරිත්‍යාගයක්

චීන හමුදා ප්‍රතිපාදන යෝජනා ක්‍රමය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ විශේෂ උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිචී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේගේ මහතා​ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කෙරුණා.

​ඒ ඊයේ (13) පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදීයි.

චී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා සහ ජෙනරල් කමල් ගුණරත්න මහ​තා විසින් උපකරණ පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන සඳහා අත්සන් තැබුවා.

එම උපකරණ අතර​ට පුපුරණ ද්‍රව්‍ය හඳුනාගනිමින් ඒවා විනාශ කිරීමේ හැකියාවක් ඇති REOD 4000 නමැති රෝබෝ යන්ත්‍ර 18 ක්, පුපුරණ ද්‍රව්‍යයක් යම්කිසි ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා රැගෙන යාමේ විශේෂ හැකියාවක් ඇති රථ 18 ක්, පුපුරණ ද්‍රව්‍ය වලින් ආරක්‍ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති කබා 10 ක්, පුපුරණ ද්‍රව්‍ය වලින් ආරක්‍ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති මධ්‍යම ප්‍රමාණයේ රථ 10 ක් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ යනාදිය ඇතුළත්.

එහිදී එම උපකරණ තොග​ය චී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා විසින් ආරක්‍ෂක ලේකම්තුමන් වෙත පරිත්‍යාග කළ අතර, ආරක්‍ෂක ලේකම්තුමන් විසින් එම උපකරණ තොගය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button