දේශීය
ජනපති සහ IMF ප්‍රධානියා අතර සාකච්ඡාවක්

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට එක්වීම සඳහා ඊජිප්තුවට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය අතර හමුවක් පවත්වා ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසනවා.
මෙහිදී ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව සඳහන්.
එසේම ඝානාවේ මුදල් අමාත්‍ය කෙන් ඔෆෝරි ඇට්ටා හා මාලදිවයිනේ කථානායක මොහොමඩ් නෂීඩ් සමගද මෙම කරුණු සාකච්ඡා කළ බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.