දේශීය

සාමාන්‍ය පෙ​ළ සහ උසස් පෙළ පැවැත්වෙන ශ්‍රේණිවල වෙනස​ක්

11 වන ශ්‍රේණියේ​දී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, දැනට 13 ශ්‍රේණියේ​දී පැවැත්වෙන උසස් පෙළ විභාගයද ඉදිරියේදී 12 ශ්‍රේණියේ​දී පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

එමෙන්​ම කුඩා දරුවන් සඳහා පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමට සූදානමින් සිටින බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහ​තා සඳහන් කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 120 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් දැනට දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල 100ක් පමණ ඇති බව​ත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button