දේශීය

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීම ගැ​න තීරණයක් ?

පළාත් පාලන මැතිවරණය සඳහා ලබාගත් නාමයෝජනා අවලංගු කිරීමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් ක​ළේ, එළැඹෙන වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වී​ම සඳහා අදාළ පාර්ශව සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන් බවයි.

එහිදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන්නා මේ පළාත් පාලන ඡන්ද වීමසීමේ නාම යෝජනා භාර අරගෙන, ඒ නාම යෝජනා භාර ගත්ත සමහර රජයේ සේවකයෝ එහෙම ඉන්න නිසා ඔවුන්ට රැකියාවට නිරතවීම සහ වෙනත් කටයුතුවලදී විවිධ දුෂ්කරතා පිළිබඳ විටින් විට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කරුණු ඉදිරිපත් වෙන නිසා නීතිපතිතුමාගෙන් අහලා දැනගෙන හා අනෙක් පක්ෂ සමග සාකච්ඡා කරලා නාමයෝජනා භාරගෙ​න තිබෙන පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා අවසන් කරන්න. ඒ කියන්නේ ඒක අවලංගු කරන්න. දෙවනුව එතුමා සඳහන් කළා, පළාත්සභා ඡන්දය මේ තියෙන ආරවුල් ක්‍රමවේද නැතුව කලින් පැවතුන ක්‍රමවේදයට කාන්තා නියෝජනයත් ඇතිවන ආකාරයට පැවැති ක්‍රමවේදයට පළාත් සභා ඡන්දය ලබන වර්ෂය තුළ පවත්වන්න නීතිපතිතුමත්, මැතිවරණ කොමසාරිස්තුමත් පක්ෂ නායකයින් සමගත් සාකච්ඡාවක් ආරම්භ කරන්න කියලා, අග්‍රාමත්‍යවරයාට දැනුම්දීමක් කළා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button