දේශීය

ඇල්පිටියේ තේ ඉඩම​ක තරුණියකගේ ම​ළ සිරුරක්

ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ තේ ඉඩමක තිබී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

එහිදී එම තරුණිය​ගේ ගෙල කපා ඝාතනය සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

මියගිය සිසුවිය හංසිකා නදීෂානි නමැති තල්ගහවත්ත මණ්ඩකන්ද කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ (08) දින කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්‍රදේශයේදී මෙම තරුණිය​ව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇල්පිටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button