දේශීය
කුට්ටම් පොකුණේ කිඹුලෙක්

දෛනිකව දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ගමන් කරන අනුරාධපුර – පූජා නගරයේ පිහිටි ඓතිහාසික කුට්ටම් පොකුණේ කිඹුලෙකු සිටින බව වාර්තා වෙනවා.
එහි ඇති අවදානම හේතුවෙන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමට ද පියවර ගෙන ඇති බව සඳහන්.
සංචාරකයින්ට පූජා නගරයේ පිහිටි ඓතිහාසික කුට්ටම් පොකුණ භාවිත කිරීමට හෝ පොකුණට තුළට බැසීම සිදු නොකරන ලෙස දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත් අනුරාධපුර – පූජා නගරය අයත්වන මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. ඩී සේනාරත්න මහතා පැවසුවේ වනජීවී නිලධාරීන් සමඟ එක්ව හැකි ඉක්මනින් මෙම කිඹුලා ඉවත් කිරීමට කටයුතු කරන බවයි.