විශේෂාංග
හොලිවුඩ් නිළි ෂැරොන් ස්ටෝන්ගෙන් ලිංගික හිරිහැර කළ බවට ආන්දෝලනාත්මක ප්රකාශයක්

සෝනි චිත්රපට සමාගමේ හිටපු ප්රධානියා තමාට ලිංගික හිරිහැර කළ බව හොලිවුඩ් නිලි ෂැරොන් ස්ටෝන් ප්රකාශ කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.
‘බේසික් ඉන්ස්ටින්ක්ට්‘ චිත්රපටයෙන් අතිශය ජනප්රියත්වයට පත්වූ ෂැරොන් ස්ටෝන් සඳහන් කර ඇත්තේ, අසූව දශකයේදී සෝනි චිත්රපට සමාගමේ හිටපු ප්රධානියා එවකට තමා මුණගැසුණු අවස්ථාවක එය සිදුවූ බවයි.
ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එම සිදුවීම සිය ජීවිතයට දැඩි මානසික බලපෑමක් එල්ල කළ බවයි.
නමුත් ලිංගික හිරිහැරය කළ පුද්ගලයාගේ නම ප්රකාශ කිරීමෙන් වැළකී සිටීමට ඇය තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.
65 හැවිරිදි ඔස්කාර් නිර්දේශිත මේ විශිෂ්ට නිළිය මෙම ආන්දෝලනාත්මක ප්රකාශය සිදු කර ඇත්තේ පසුගියදා අමෙරිකානු රූපවාහිනි නාළිකාවක සාකච්ඡාවකට එක් වෙමින්.