දේශීය

I.M.F ගැන සොයන්න කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම වෙනුවෙන් පසු විපරම් කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කොට තිබෙනවා.

මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා , මහබැංකු අධිපති  නන්දලාල් වීරසිංහ මහතා පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ද කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඉදිරියේදී මීට කැබිනට්  අනුමැතිය ලබා ගැනීමට නියමිත බව සඳහන්.

අදාළ කමිටුව විසින් අයි.එම්.එෆ් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිතර පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුවෙනවා.

ඊට අමතරව අයි.එම්.එෆ් කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැනද මෙම කමිටුව විසින් සොයා බැලිය යුතුයි. 

දුෂණ මර්දන පනත වැනි අණ පනත් ගැන ද සොයා බලමින් මාසකට වරක් මෙම කමිටුව විසින් ඇමති මණ්ඩලය දැනුම්වත් කළ යුතු බවද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුව වෙත දුන් උපදෙස්වල සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button