දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ස්වාධීන කමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා පත් කරන ලද අතුරු කමිටුවේ සිටි සාමාජිකයන් තිදෙනෙකු ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි.ඉමාම්,රෝහිණි මාරසිංහ,අයිරාංගනී පෙරේරා එහි සාමාජිකයින් වනවා.
 
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කර තිබූ පහත සඳහන් ප්‍රධාන වගකීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට එම ස්වාධීන කමිටුවට බලය ලබාදී තිබෙනවා.
 
විගණකාධිපතිවරයා විසින් 2023 සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සහ එම විගණකාධිපති වාර්තාවේ සඳහන් දුෂණ, වංචා, අක්‍රමිකතා, විෂමාචාර සහ අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් සොයා බලා ඒවා වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා උපායමාර්ගික ක්‍රමවේද සැකසීම ආදිය එම නිර්දේශ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button