දේශීය
පාරක් නැති තැන පාලමක් හදලා

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බලහරුව ප්‍රදේශයේ මාර්ගයක් නොමැති ස්ථානයක ඉදිකර ඇති පාලමක් මේ වනවිට විනාශ වෙමින් පවතින බව ගම්වාසින් පවසනවා.
ඔවුන් පවසන්නේ, බලහරුව කුඩාඔය හරහා මෙම පාලම ඉදිකර ඇති බවත්, පාලමේ එක් පසෙකින් පාලමට ඇතුළු වියහැකි වුවත් අනෙක් පස මාර්ගයක් නොමැති බවයි.
මාර්ගයක් නොමැති පෙදෙස විශාල කැලෑවක් පවතින බවද සදහන් වනවා.
ගම්වාසින් චෝදනා කරන්නේ, ඉදිකිරීම් කළ දිනයේ සිට මෙම පාලම කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොමැති අතර, එම පාලම ප්‍රයෝජනයට ගන්නේ ප්‍රදේශයට රාත්‍රි කාලයේ පැමිණෙන වනඅලි සහ මත්පැන් පානය කරන පුද්ගලයන් පමණක් බවයි.