ඉන්දියාවේ ප්‍රදේශ ඈදාගනිමින් චීනයෙන් ආන්දෝලනාත්මක සිතියමක්

දකුණු චීන මුහුදේ සාගර ප්‍රදේශයෙන් 80%ක්ම තමන්ට හිමි බවට දක්වන නව සිතියමක් චීනය විසින් එළිදක්වා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන්, දකුණු චීන මුහුදේ සිය අයිතිය කියාපාන රටවල් රැසක්ම විරෝධය දක්වා ඇති බව, වාර්තා වෙනවා.
විශේෂයෙන් අග්නිදිග ආසියාතික රටවල් කිහිපයක මුහුදු සීමාවට අයත් දූපත් සඳහාද චීනය සිය අයිතිය ප්‍රකාශ කර තිබෙනවා.
චීනය මෙම සිතියම මඟින් දක්වා තිබෙන්නේ, සම්පත් බහුල බවට සැලකෙන ස්පාට්ලි සහ පාර්සල් දිවයින් සිය නීත්‍යනුකූල මුහුදු සීමාවේ පවතින බවයි.
වියට්නාමය සඳහන් කරන්නේ, 1947 වසරේ සිතියමක් උපයෝගී කරගනිමින් චීනය එළිදක්වා ඇති දකුණු චීන මුහුදේ නව සිතියම තම රටේ ස්වෛරී සාගර අයිතිය උල්ලංඝණය කරන බවයි.
එමෙන්ම එය අවලංගු සිතියමක් ලෙසද වියට්නාමය හදුන්වනවා.
පිලිපීනය, තායිවානය සහ මැලේසියාවද චීනයේ නව සිතියම ප්‍රතික්ෂේප කරන අතර, එම සිතියමට අනුව ඉන්දියාවේ අරුනාචල් ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක්ද චීනය පාලනය යටතේ පවතින බවට දක්වා ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.