කලා

සත්තුන්ට වඩා මිනිස්සු වටින්නේ නැද්ද?- කේ.සුජීවා

අවුරා ලංකා ගැටළුව පසුපස වෙනත් කතාවක් ඇති අතර මෙය පෞද්ගලික පළිගැනීමක් හෝ ඊර්ෂ්‍යාවට සිදු කළ දෙයක් බවට කේ.සුජීවා මහත්මිය චෝදනා කරනවා.

ඇය මේ බව සදහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කර තිබූ සම්මුඛ සාකච්ජාවකදී.

එහිදී අදහස් දැක්වූ කේ.සුජීවා මහත්මිය,

“කලාකරිනියක් හැටියට සහ අවට වෙන දේවල්, අනිත් කලාකරුවන්ට වෙන දේවල් දැකපු කෙනෙක් හැටියට මට හිතෙන්නේ මේක නවත්තන්න හදන මිනිස්සු මේ දේවල් එගොල්ලෝ භාර ගන්න ඔනේ. අපි මෙතනින් පස්සේ කලාකරුවන්ට මෙහෙම කරනවා.කලාකරුවන්ට මාස පතා මේ ගාන දෙනවා.බෑන්ඩ්ස් වලට මෙච්චර ගානක් ගෙවනවා.එහෙම කවුරුහරි ක්‍රමයක් ගෙනල්ලා මේවා නවත්තනව නම් කමක් නෑ.එහෙම නැත්තම්,මේක ඇවිල්ලා කාගේ හරි දෙයක් අරගෙන,මම කාටවත් බය නෑ.මට ප්‍රශ්නෙකුත් නෑ. අපි සියයට සීයක් දන්නවා මෙයා අරන් තියෙන්නේ මෙන්න මෙයාගේ එක.ඒ වුනත් අපි නිහඩයි.අපිට කත කරන්න බෑ.අරන් යනවනේ ඉතින්.ඒ නිසා අපි පාඩුවේ ඉන්නවා කට වහගෙන.”

අවුරා ලංකා සමාගමේ අයිතිකරු චන්දික විරංජිත් තාඹුලගේ මහතා, තමන්ගේ පෞද්ගලික වියදමින් මෙවැනි ප්‍රසංග කරන බවත් එම මුදලින් විශාල පිරිසක් යැපෙන බවත් කේ.සුජීවා මහත්මිය අවධාරණය කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.සුජීවා මහත්මිය,

“සත්තුන්ට ප්‍රශ්නයක් නම්, සත්තුන්ට වඩා මිනිස්සු වටින්නේ නැද්ද? කන්න බොන්න නැතුව පාරේ ඉන්නයි සත්තු රකින්නයි, මම දන්නේ නෑ.”

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයකට වැඩි භූමි ප්‍රමාණයක කෝමාරිකා වගා කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූවත් මෙතෙක් එකදු කෝමාරිකා පැළයක් වගා කර නොමැති බව ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

අවුරා ලංකා සමාගම විසින් රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සංගීත ප්‍රසංග මාලාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට පොලිසිය විසින් අවසර නොදීමත් සමග ඊට එරෙහිව කලාකරුවන් අදහස් දැක්වූවා.

මීට පෙර අවුරා ලංකා හිමිකරු රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button