70 පැන්නත් හයේ ඒවා ගහන මහින්ද (වීඩියෝ)

වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරඟාවලිය’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා නාමල් රාජපක්ෂ, ඉන්දික අනුරුද්ධ, සී.බී.රත්නායක,සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර, එස්.එම්.චන්ද්‍රසේන, ඩබ්ලිව්.ඩී. වීරසිංහ, රෝහණ දිසානායක, ජනක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, ගයාශාන් නවනන්ද යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වුණා.
මෙහිදී, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරඟ දෙකක් පැවැත්වූ අතර එම තරඟ දෙකේම ජයග්‍රහණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගැනීමට සමත් වුණා.
මෙම තරඟාවලියේ වීරයා වශයෙන් ගයාශාන් මන්ත්‍රීවරයා තේරී පත්වූ අතර, හොඳම පන්දු රකින්නා වශයෙන් සී.බී රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද, හොඳම පිතිකරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ සහ හොඳම පන්දු යවන්නා වශයෙන් ප්‍රේමලාල් ජයසේකර ද කුසලාන ලබාගත්තා.
තරඟාවලියේ ජයග්‍රහණ හා සහභාගීත්වය සඳහා ත්‍යාග ප්රදානය හිටපු ජනාධිපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවුණා.