ජයශ්‍රී ලාගේ අලුත්ම සිංදුව ගැන හෙළිදරව්වක්

ජය ශ්‍රී ලා කාලෙන් කාලෙට එක එක විදියේ ට්‍රෙන්ඩ් ගේනවා. ඒ නිසාම සමහර වෙලාවට ඔවුන් අකමැති පිරිස් වලින් දෝෂාරෝපණ පවා එල්ලවෙනවා. පහුගිය සතියේ සමාජ මාධ්‍ය පුරා ජය ශ්‍රී ලා මාධ්‍යට දක්වපු අදහස් පෙළක් හුවමාරු වුණා. මේ කතාබහේදී ඔවුන් පෙන්වලා දුන්නේ අලුත් රුවිතයකට අතගහලා ඉන්න බවයි. මේ නිසාම ඒ ගැන ෆේස්බුක් ලයිව් වීඩියෝවකින් පැහැදිලි කරන්නත් ජය ශ්‍රී ලට සිද්ධ වුණා.
‘සෑහෙන හාහෝවක් යනවා. ජය ශ්‍රී කියනවා. රුවිතේ කියනවා. මතුවෙන්න කියනවා. බඩු හොඳයි කියනවා. සැරයි කියනවා. ඇත්තටම අපිට කියන්න ඕන, ඕගොල්ලන්ට ගෙස් කරන්න මං දුන්නේ.
මේක සිංදුවක් ද. නැත්නම්, ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද. ජය ශ්රීලගේ වෙනම දෙයක් ද. ඔන්න ඔහොම කියලා. ඉතිං, කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.’ කියලා.
මේ කියන ‘රුවිතේ’ එළඹෙන 28 වෙනිදා හවස 5ට ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් රිලීස් වෙන්නට නියමිතයි. ලංකාවේ ඉන්න දක්ෂතම ශිල්පීන් පෙළක් එක්වෙලා සිදුකරපු මේ ‘රුවිතේ’ මොනවගේ නිර්මාණයක්ද කියලා එදාට බලාගන්න පුලුවන් වෙයි. හැමදාම වගේ හොඳ වගේම නරක ප්‍රතිචාර ආදරෙන් භාරගන්න ජය ශ්‍රී ලා සූදානම්.