දේශීය

පිරිසක් විසුරුවා හැරීමට පොලිසියෙන් අහසට වෙඩි

කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාගැනීමට තැත්කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී කටයුතු කළ බව පොලීසිය පවසනවා .

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කොලොන්නාව සිංහපුර ක්‍රීඩාංගනය ප්‍රදේශයේදී  මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටියදී පුද්ගලයකු අත තිබූ යමක් විසිකරන අයුරු පොලිස් නිලධාරීන් දැක ඇත.

එම සැකකටයුතු පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඥාතීන් සහ ගම්වාසීන් පොලිස් ජීප් රථය වටකර සැකකරුව පොලිස් අත්අඩංගුවෙන් මුදාගැනීම සඳහා උත්සාහ කිරීමේදී අහසට වෙඩිතබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බව පොලීසිය පැවසුවා.

එම වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපළ වලට කිසිදු හානියක් වී නොමැති බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක පුද්ගලයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button