විදෙස්

චීනය හෙට සිට ලෝකයට විවෘත වෙයි

වසර තුනකට පෙර කොවිඩ් වසංගතය පැතිර යාමෙන් පසු චීනය ප්‍රථම වරට විදේශ සංචාරකයින්ට වීසා නිකුත් කිරීම නැවත ඇරඹීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ලිහිල් කිරීම පැමිණෙන්නේ චීන රජය වෛරසයට එරෙහි සටන ජයග්‍රහණය කළ බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සහ එරට ආර්ථිකයට හානි කළ ශුන්‍ය-කොවිඩ් උපාය මාර්ගයෙන් ඉවත් වීමෙන් පසුව බව එම වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, 2020 මාර්තු 28 වන දින චීනය ලෝකයට සිය දොරගුළු වසා දැමීමට පෙර නිකුත් කරන ලද වලංගු වීසා මෙම වසරේ මාර්තු 15 වන දා සිට සංචාරකයින්ට භාවිත කර රටට ඇතුළු වීමට අවසර හිමි වේ.

මගී ප්‍රවාහන නෞකා මගින් හයිනාන් දූපතට සහ ෂැංහයි වෙත වීසා රහිතව ප්‍රවේශ වීමට ද යළි අවස්ථාව හිමි වන අතර හොංකොං සහ මැකාවු සිට පැමිණෙන සංචාරක කණ්ඩායම්වලට වීසා රහිත ඇතුළු වීමට අවසර ලැබෙන අතර විදේශයන්හි චීන කොන්සියුලර් කාර්යාල ද වීසා අයැදුම් පත් සැකසීම නැවත ආරම්භ කර තිබෙනවා.

කොවිඩ් මැඩලීම සඳහා පනවා තිබූ අවසන් සීමාව වූ දේශසීමා වසා තැබීම ඉවත් කිරීම පශ්චාත් වසංගත චීනයේ සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරන අතර සියලු ම වෙනස්කම් මාර්තු 15 වන දා සිට ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button