දේශීය

ඡන්දෙට මුදල් ලබා ගැනීමට මැදිහත් වන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුදල් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියක් යොමුකර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ, ඊයේ (24) පස්වරුවේ අදාළ ලිපිය කතානායකවරයාට යොමුකළ බවයි.

මේ අතර, පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබන මස 3 වනදා යළි රැස්වනවා.

මේ අතර, මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිත පළාත්පාලන ආයතන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් ඊයේ ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මැතිවරණ කොමිසන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් එදිනට ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button