විදෙස්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ සහාය දෙන්නැයි අමෙරිකාවෙන් ඉල්ලීමක්

සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ විපතට පත් නැගී එන රටවල් සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට සහාය වන ලෙස චීනය ඇතුළු සියලුම ද්විපාර්ශ්වික නිල ණය හිමියන්ට තමන් ආරාධනා කරන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ, G20සමුළුවට පූවයෙන් පැවැත්වෙන රැස්වීම් වටවල දී තම අදහස් ප්‍රකාශ කරමින්.

මේ අතර ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව සඳහා නිශ්චිත සහ විශ්වසනීය මූල්‍ය සහතික කිරීම් සඳහා කැපවීමේ අවශ්‍යතාවය වඩාත් හදිසි තත්ත්වයක් බවත් ඇය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button