දේශීය

ජාතික ආරක්ෂක මණ්ඩලය ගැන අලුත් තීරණයක්

ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය ජනවාරි මස 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවට අනුව ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

වර්ෂ 1999 සිට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක මණ්ඩලය ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීම සිදුකරනු ලබනවා.

එසේම ජාතික ආරක්ෂාවට සම්බන්ධ දේශීය, විදේශීය, ආර්ථික සහ හමුදා ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමේ මූලික විධායක ආයතනය වශයෙන් කටයුතු සිදුකරනු ලබන්නේ ජාතික ආරක්ෂක මණ්ඩලයයි.

ජාතික ආරක්ෂක මණ්ඩලය ව්‍යවස්ථාපිත පදනමක් මත සහ පැහැදිළි සංයුතියකින් යුතුව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව හරහා වැඩිදුරටත් නිර්දේශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button