විදෙස්

චීනයේ නිරීක්ෂන බැලූනයකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්.

අමෙරිකාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ චීනයට අයත් ගවේශන බැලූනය මිසයිල  ප්‍රහාරයකින් විනාශ කොට තිබෙනවා.

ඒ දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් වූ ගුවන් කලාපයේදී.

ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට අනුව එය විනාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

අදාළ මෙහෙයුම සඳහා එම ප්‍රදේශයේ ගුවන් තොටුපළ  තුනක් වසා දැමීමට සිදු වූ බව ද, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

එරට අරක්ෂක අංශ සඳහන් කළේ, මිසයිල ප්‍රහාරය දියත් කිරීම සඳහා F 22 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාවක් යොදාගත් බවයි.

විනාශ වූ බැලුනයේ සුන්බුන්,අසළ පිහිටි මුහුදට පතිත වී තිබෙනවා.

කිලෝමීටර් 11ක් පුරා පැතිරුනු සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button