දේශීය

කැලණිතිස්ස යළි වැඩ

කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා .

එම බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පෙරවරු 08ට යළිත් වරක් බලාගාරයේ ජනන කටයුතු ආරම්භ කළ බවයි .

ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට නවතා දමා තිබුණා .

කෙසේවෙතත් කැලණිතිස්ස විදුලි බලාගාරය සතුව දැනට පවතින නැප්තාවලින් යළි ජනන කටයුතු ක්‍රියාත්මක කළ ද එය තවත් දින එකහමාරක කාලයකට පමණක් ප්‍රමාණවත් වන බව එම ප්‍රකාශකයා පැවසුවා .

විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට මුදල් නොගෙවීම හේතුවෙන් නැප්තා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button