පෙළපොත් මුද්‍රණය නවතී?

රජයේ පාසල්වලට ලබා දෙන පෙළපොත් මුද්‍රණය ඇනහිටීම නිසා මෙම වසරේදී නියමිත පරිදි පෙළපොත් ලබාදීමට නොහැකි වනු ඇතැයි මුද්‍රණකරුවෝ අනතුරු අඟවනවා.
පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩරය ලබාගත් මුද්‍රණ සමාගම් සඳහා ලබාදෙන මූලික ගෙවීම් සහ මුද්‍රණ කටයුතු අවසන් කළ පෙළපොත් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් නොගෙවීම මෙලෙස පොත් මුද්‍රණය නවතා දැමීමට හේතු වී තිබෙනවා .
පෙළපොත් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ලබාදී ඇත්තේ සියයට විස්සක අත්තිකාරම් මුදලක් ලබා දෙන බවට වූ බැඳුම්කරයක් මතය. එහෙත් මුද්‍රණකරුවන්ගේ ඉල්ලීම පරිදි පසුගිය වසර අවසාන වන විට අත්තිකාරම් මුදල් ලබා දිය යුතු වුවද ඉන් සියයට පනහක් පමණක් මුද්‍රණකරුවන් අතලොස්සකට ලබා දී ඇතැයි සඳහන් .
මෙලෙස අත්තිවාරම් මුදල් ලබා නොදීම හේතුවෙන් පෙළපොත් මුද්‍රණ ටෙන්ඩරය භාරගත් මුද්‍රණකරුවෝ විසිදෙනෙක් පමණ මේ වන විට දැඩි අසීරුතාවට පත්ව ඇති අතර මුද්‍රණ කටයුතු වෙනුවෙන් කඩදාසි ආනයනයට ලබා ගත් ණය සඳහා සියයට තිස්දෙකක් වැනි අධික බැංකු පොලියක් අය කිරීම හේතුවෙන්ද ඔවුහු අසීරුතාවට පත්ව සිටිනවා .ඔවුන් ඉල්ලා සිටින්නේ සැලසුම් කළ පරිදි පෙළපොත් මුද්‍රණය යළිත් ආරම්භ කිරීමට නම් නියමිත අත්තිකාරම් මුදල ලබා දෙන ලෙසයි.