විදෙස්
මරණ 8කින් කෙළවර වූ දික්කසාද නඩුව

පුද්ගලයෙකු විසින් සිය පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු ඝාතනය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .
අදාළ සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවෙන් .
අමෙරිකාවේ Enoch City ප්‍රදේශයෙන් මෙම සංවේදී පුවත වාර්තා වී තිබෙනවා .
මෙම අමානුෂික ඝාතනයට හේතුව ඔහුගේ 40 හැවිරිදි වියේ පසුවන බිරිඳ විසින් ගොනුකළ දික්කසාද නඩුවක් බවටද මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන් .
මෙහිදී සිය පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු ඝාතනය කළ පසුව 42 හැවිරිදි වියේ පසුවන ඔහුද එම ස්ථානයේදීම සියදිවි හානිකරගෙන තිබෙනවා .
අදාළ සැකකරු කාන්තාව සහ දරුවන් පස් දෙනෙකුට මෙහිදී වෙඩි තබා ඝාතනය කර ඇත.
එසේම මියගිය දරුවන් වයස අවුරුදු 4ත් 17ත් අතර වයස් පසුවන බවද අනාවරණය වී තිබෙනවා .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස අතර ඔහුගේ බිරිඳගේ මවද වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
ඇයගේ වයස අවුරුදු 78කි.