ක්‍රීඩා
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

20/20 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය අදින් (03) ආරම්භ වනවා.
ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරඟාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතයි.
මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම “ඒ” කාණ්ඩය යටතේ තරඟ වැඳීමට නියමිත අතර පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය අද පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතයි.