දේශීය
නව අමාත්‍යධූරය භාරගන්න ධම්මික පෙරේරා සූදානම් වෙයි

ධම්මික පෙරේරා මහතා තමන් දරනු ලබන සියලුම සමාගම් අධ්යක්ෂ ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස ඔහු ඉවත්වූ බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් ධම්මික පෙරේරා මහතා නම් කරමින් මැතිවරණ කොමිසම වෙත වෙත ඔහුගේ නම නිල වශයෙන් යවා ඇති බව වාර්තා වේ.
මේ අතර තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කරමින් ඊයේ (09) දිනයේ දී අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණු අතර මෙම නව අමාත්‍ය ධූරයේ ධම්මික පෙරේරා මහතා දිවුරුම් දීමට නියමිත බව සඳහන් වේ.