දේශීය

Breaking:රනිල් දිනවන්න දිනේෂ් සටනට

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දැක්වීම හා කටයුතු කරන ආකාරය පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව එහි නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැත්වුණා.

ඒ මහජන එක්සත් පෙරමුණේ මහරගම පක්ෂ මූලස්ථානයේදීයි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කළ යුතු බව මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

ප්‍රධාන ලේකම් නීතිඥා තිස්ස යාපා ජයවර්ධන, උපසභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, උපලේකම් විජය රත්නායක, උපසභාපති හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන ඇතුළු මධ්‍යම කාරක සභිකයන් මෙම අවස්ථාව සඳහා සහභාගී වි තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button