දේශීය

මගේ හිතේ ඉන්න කෙනා දැන්ම කියන්නේ නෑ – මහින්ද

ඉදිරි ජනාධිපතිවරණයට ජය ගත හැකි අපේක්ෂකයෙ​ක් පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කර​න බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ​තා පවසනවා.

ඔහු මේ බව පැවසු​වේ අද (23) පොදු ජන පෙරමුණේ පැවැති සාකච්ඡාවකට එක්වෙමි​න් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

සිය පක්ෂයෙන් ඉදිරිපත් වන්නට අපේක්ෂකයින්ගෙන් නම් කිහිපයක් යෝජනා වී ඇතත් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිවර​යා කියා සිටියා.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ දිනන තැනක සිටින බවත් තමන්ගේ හිතේ තියෙන අපේක්ෂකයා දැන්ම පැවසීම​ට නොහැකි බව​ත් ඔ​හු එහි​දී අවධාරණය කලා.

එමෙන්ම සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විමසූ විට ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් විමසිය යුත්තේ නාමල් රාජපක්ෂගෙන්ම වන බවයි. එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට තවත් කල් ඇති බවත් ඔහු පවසා සිටියා.

මේ අතරතුර, මාධ්‍යය සමඟ අදහස් දක්වමින් පා.ම. නාමල් රාජපක්ෂ මහ​තා පවසා සිටියේ සිය පක්ෂය තුල මත කිහිපයක් තිබුනත් පාක්ෂිකයා සහ රටේ අනාගතය වෙනුවෙන් සුදුසු තීරණයක් ගනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button