දේශීය

අතලොස්සකට විතර​ක් පඩි වැඩි කලා​ට ක්‍රියාමාර්ග ගන්නවා – ජෝසප් ස්ටාලින්

ජූලි 8 සහ 9 දින දෙකේ වැඩ වර්ජනයට සහභාගී නොවූ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දුන්නොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ, සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් ඉල්ලීම ලබානොදී ඒ වෙනුවට සේවයට පැමිණි අතලොස්සකට පමණක් වැටුප් වර්ධකයක් ලබාදීමට ගත් තීරණය වැළැක්වීමට නීති අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

සීමිත පිරිසකට පමණක් වැටුප් වර්ධකයක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදීම පිළිබඳව සිය සංගමය විරෝධය පළ කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button