දේශීය
ඇඹිලිපිටියේ වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොලොන්න වෙඩි තැබීමේ සිද්ධියේ ඝාතන සැකකරුවන් දෙදෙනෙකු ආයුධ දෙකක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් විසින් සිදු කරන ලද සෝදිසි මෙයුමකදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 09 වැනිදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි සාහසිකයින් දෙදෙනෙකු විසින් 61 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා මෙම ඝාතනය සිදු කර තිබුණා.