ඇඹිලිපිටියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙ​ක් මරුට

ඇඹිලිපිටිය කොලොන්න ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. අද (09) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි සාහසිකයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු වෙඩි තබා මෙ​ම ඝාතනය කර තිබෙනවා. මරණකරු සිය නිවසේ සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙක්.